උපන් හැටියේ වැරැදි පටවයි


  මාතර මහ රෝහලේදි උපන් දික්වැල්ල කෝන්දෙනියේ බිළිදකුට මාතර උප්පැන්න විවාහ  හා මරණ  රෙජිස්ටාර් කාර්යාලයය වැරැදි හතක් සහිත උප්පැන්න සහතිකයක් නිකුත් කර තිබේ ඉකුත් ඔක්තෝබර් 30 වැනිදා උපන් කවීන්  සදිත්ම  ලක්වින් ගේ උප්පැන්නයේ ස්ත්‍රී පුරුෂ භාවය සදහන් කළයුතු කොටුවේ පියාගේ නම සදහන් කර ඇත පියාගේ  නම වෙනුවට උපන් දිනයත් උපන් දිනය  සදහන් විය යුතු කොටුවේ උපන් ස්ථානයත් උපන් ස්ථානය සදහන් කළ යුතු කොටුවේ සිංහල යනුවෙනුත් සදහන් කැර තිබේ ජාතිය සදහන් කළයුතු තැන මවගේ නමද  ඇගේ නම වෙනුවට උපන් දිනයද උපන් දිනය ලියන තැන රෝහලේ නමද සදහන් කැර ඇත මාතර සහකාර ප්‍රාදේශිය ලේකම් කුසලක  නානායක්කාර මහතා කීවේ මේ අයුරින් අපරික්ෂාකාරීව ක්‍රියා කිරිම ගැන පරීක්ෂණයක් පවත්වන බවයි