උපන් ගමන් බිළිඳිය කැලයට විසි කරලා


(මොහොමඩ් ආසික්)

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් ගම්මානයක උපන් හැටියේ බිළිඳියක  නිවස අසල කැළයකට විසි කර තිබියදී පොලීසිය විසින් බේරාගනු ලැබ රෝහල් ගත කළද බිළිඳිය රෝහලේදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

පොලීසියට ලැබණු තොරතුරක් අනුව එම නිවසට ගිය පොලීසිය පෙකිණිවැල කපා කැළයට විසිකර සිටි බිළිඳිය කටුගස්තොට රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ. එසේ වුවත්  රෝහලේදී  අද(25)  එම බිළිඳිය මිය ගොස් ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය බිළිඳියගේ මව අත් අඩංගුවට ගෙන ඇති අතර ඇය 27 හැවිරිදි කාන්තාවකි.