(ඉන්දිකා රාමනායක)
ගාල්ල මානවිල උපනන්ද ජාතික පාසලට බලෙන් ඇතුළුවීමට යාමේදී එහි රාජාකාරියේ නිරතව සිටි හමුදා සෙබළකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය මූලික පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි යුද හමුදාව කියයි.
යුද හමුදාපතිවරයාගේ නියමයෙන් මෙම පරීක්ෂණ ආරම්භ කළ බවද හමුදාව පවසයි.
යුද හමුදා පොලිසියේ සාමාජියකු පෙරේදා දිනයේම සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළ බව හමුදාව සඳහන් කරයි.
යුද හමුදා පොලිසිය මේ වනවිට වෙඩි තැබූ හමුදා සෙබළාගෙන් හා සිද්ධිය වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි කිහිපදෙනකුගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවද හමුදාව වැඩිදුරටත් පවසයි.
මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගාල්ල පිලාන පදිංචි උදය ප‍්‍රදීප් කුමාර (39) නැමැති හිටපු නාවික හමුදා සාමාජිකයෙකි.

