උපනන්ද විදුහලේ වෙඩි තැබීම සිදුකළ සෙබළා බූස්ස 581 බලසේනාධිපති බාරයට


(ඉන්දිකා රාමනායක)

ගාල්ල අක්මීමන පොලිස් වසමේ මානවිල  උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයේ  වෙඩි තැබීමට සම්බන්ධ හමුදා සෙබළා සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබෙන තෙක් පොලිසිය විසින් බූස්ස 581 වන බලසේනාධිපතිවරයා වෙත බාර දුන් බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම හමුදා සෙබළා අද (05) ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ අවසරය මත මෙලෙස රඳවා තබාගැනීමට කි‍්‍රයා කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හදිසි අවස්ථා රේගුලාසි පනත අනුව කි‍්‍රයා කරන බැවින් නීතිපති වාහම නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙසට අධිකරණය විසින් අක්මීමන පොලිසියට උපදෙස් ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණය යටතේ  විමර්ශන සිදුකරන ලබයි.