උපකුලපති පත්කළ ආකාරය ගැන කණගාටුව පළකරති


(රංජන් කස්තුරි)

යාපනය විශ්ව විද්‍යාලයේ නව උපකුලපති ලෙස මහාචාර්ය ආර්. විග්නේෂ්වරන් මහතා පත් කිරීම ගැන කනගාටුව පළ කරන බව එම විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් හා සිසුහු පිරිසක් ප්‍රකාශ කරති.

මාහාචාර්ය එස් ශ්‍රී සත්ගුණරාජා මහතාට සෙනට් සභා ඡන්ද විමසීමේදී ඡන්ද 17ක් ලැබුණු නමුත් නව උපකුලපති ලෙස ඔහු පත් නොකොට ඡන්ද 11ක් පමණක් ලබා ගත් විග්නේෂ්වරන් මහතා එම තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි ද ඔවුහු කියති.