උපකාරක පංතිවලට එන්නැයි බලකරන ගුරුවරුන්ට විනය පියවර


රංජන් කස්තුරි 
 
තමන් විසින් පවත්වනු ලබන උපකාරක පංතිවලට පැමිණෙන ලෙස සිසුන්ට සහ දෙමාපියන්ට බලපෑම්කරන ගුරුවරුන්ට එරෙහිව තදින් විනය පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 
විශේෂයෙන් පහවසර ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන අමතර පංතිවලට සහභාගී වන්නැයි ඇතැම් ගුරුවරුන් සිසුන්ට සහ දෙමාපියන්ට විවිධ බලපෑම් සිදුකරන බවට අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබෙන බවද අධ්‍යාපන අමත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
 
මීට අමතරව තමන්ගේ අමතර පංතිවලට සහභාගී නොවන දරුවන්ට ඇතැම් ගුරුවරුන් විවිධ හිරිහැර සිදු කරන බවට පැමිණිලි තිබෙන බවද ඇමතිවරයා කීය.
 
එවැනි පැමිණිලි අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික දුරකතන අංක 1988ට දැනුම්දිය හැකිය.