සොහොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ආර්.එස්.ධර්මදාස මහතාට දුරකථනයෙන් තර්ජනය කළ බව කියන කොළොන්නාව නගර සභා උප සභාපති සුරේෂ් කෝදාගොඩ රුපියල් ලක්ෂ 2 බැගින්වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා නියම කළේය.

