උප කුලපතිට එරෙහිව ජ‘පුර උපවාසයක්


ජයවර්ධනපුර සරසවියේ සිසු විරු ස්මාරකයට බෝම්බ ගසා හානි කළැයි එහි සිසු පිරිසක් උප කුලපති ඉවත් කරන ලෙස ඉල්ලා උපවාසයක් ආරම්භ කළ අතර ඔවුනට සහාය දක්වා රුහුණු විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ 500ක් පමණ සිසුහු පිරිසක් මාතර වැල්ලමඩමේ දී උද්ඝෝෂණය කළහ. ජයවර්ධනපුර සරසවියේ මේ ගැටුම් ඇති කරන සිසුන් ත්‍රස්තවාදීන් සේ ක්‍රියාකරන බව පෙනේ යැයි ද සිසු දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඔවුන් අරමුණ යැයි ද එහි උපකුලපති මහාචාර්ය  එන්.එල් කරුණාරත්න කියයි. කිසිම වරදක් නොකළ මා ඉල්ලා අස්වන්නේ කුමකට දැයි උප කුලපතිවරයා කියයි. මේ අතර රජරට විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ පළමු වසරේ සිසුහු එහි උප කුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේනගේ නියෝග නොතකා නේවාසිකාගාරයේ රැඳී සිටිති. අද උදේ හය වන විට නේවාසිකාගාර වලින් ඉවත් වන්නැයි ඔවුනට දැනුම් දී තිබිණි. ඔවුහු ඒ නියෝග නොතකා බලෙන් එහි තැන තැන රැඳී සිටිති. උප කුලපතිවරයා  පැවැසුයේ මොවුන් කිසියම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක යෙදෙන බවයි. පේරාදෙණිය සිසුහු ද ජ‘පුර සිසුනට සහාය දක්වා උද්ඝෝෂණයක් කළහ. පේරාදෙණිය සිසුහු රුහුණු සිසුහු