උප ඇමැතිට බූරු වැඩක් පෙනේ
සමස්ත ලංකා නැටුම් තරඟ කොළඹ නොපවත්වා මාතර පැවැත්වීමේ තීරණය ගත් පිරිස මිනිස් කඳක් තිබුණත් මොළය බූරුවකුගේ යැයි බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන මහතා කන්තලේදී පැවැසීය. ‘‘මේවා ඔලමොට්ටල වැඩ. කවුරු කළත් ඔහුට ඇත්තේ බූරු මොළයක්. කොළඹ ඒ තරඟ පැවැත්වූයේ නම් කාටත් යන්න තිබුණා’’ යැයි නියෝජ්‍ය ඇමැති කීය.

