උප ඇමැතිගේ කටඋත්තරයක් ගනී


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ රාජකාරි කළ සුමින්ද සමන් පොලිස් කොස්තාපල්ට පහර දී දොඩංගොඩ දී ඔහුගේ නැනෝ කාරය ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාගෙන් කටඋත්තර ගත් බව පොලිසිය කියයි.

ඇමැති කියා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් තමා කිසිත් නොදන්නා බවයි.

මේ සම්බන්ධයෙක් සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පැතිර යන කතාව බොරුවක් බව ද පොලිසිය පවසයි.