උප ඇමැති සරණට ඇප: අවවාද
හොරගොල්ලේ නිවාස ඉදිකිරීමේ වැඩබිමකට පැන ඉදිකිරීම් බිමට පෙරලා රුපියල් ලක්‍ෂ හතරහමාරක අලාභයක් කළැයි සැකපිට නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන, අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ ඇතුළු 17 දෙනකුට රුපියල් ලක්‍ෂය බැගින් ශරීර ඇප නියම කළ අත්තනගල්ල අතිරේක මහේස්ත‍්‍රාත් බී.ඞී.ආර්.එස්. කුමාර මහතා පැවසුවේ මෙවැනි පුද්ගලයන් නීතිය අතට ගැනීම අනුමත නොකරන බවයි.
පැමිණිලිකාර සමාගමට තර්ජනය කළහොත් ඇප අවලංගු කර රිමාන්ඞ් කරන බවද මහේස්ත‍්‍රාත් අනතුරු ඇඟවීය.
නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතියෙන් මේ නිවාස ඉදිකැරගෙන යන බව අධිකරණයේදී සඳහන්විය. මේ සඳහා ප‍්‍රාදේශීය සභා අනුමැතිය ලබාගෙන නැතැයිද එහිදී සඳහන් විය.

