උප ඇමැති ගණන 38ට නඟී


පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නව දෙනෙක්  නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද දිවුරුම් දුන්හ.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී සනත් ජයසූරිය - තැපැල් සේවා නියෝජ්‍ය ඇමැති

මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා - කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැති

දිගාමඩුල්ල මන්ත්‍රී සරත් පියනන්ද වීරසේකර - කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වයි ජී පද්මසිරි - කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී ඩී ඇන්ටනී වික්ටර් පෙරේරා - පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන නියෝජ්‍ය ඇමැති

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී හේමාල් ගුණසේකර - සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු - අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම - සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ - පුණරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති

දැනට නියෝජ්‍ය ඇමැතිවරු 29 දෙනෙක් සිටිති.