උප ඇමති දුමින්දගෙ ලේකම් සැකපිට


පිස්තෝලයක් පෙන්වා පුද්ගලයන් බිය ගැන්වීම, පහරදීම, 2008 වසරේ මැතිවරණ සමයේ පක්ෂ කාර්යාල කඩා බිඳ දැමීම ඇතුළු පැමිණිලි කීපයක් සම්බන්ධයෙන් සැකපිට යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් අජිත් පුෂ්පකුමාර මහතා සැකපිට අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලීසිය කියයි.

ඔහුට එරෙහිව පැමිණිලි 12ක් ලැබී ඇතැයි ද පුද්ගලයන් බිය ගැන්වීම් පිළිබඳ පැමිණිලි දෙකක් ද, මුදල් පැහැරගැනීම ගැන පැමිණිල්ලක් ද, එක්සත් ජාතික ප ක්ෂ කාර්යාල කඩා දැමීම පිළිබඳ පැමිණිලි පහක් ද   ලැබී ඇතැයි පොලීසිය පවසයි.

2008 වසරේදී සැකකරුට එරෙහිව මේ පැමිණිලි ලැබුණද ඔහු අත්අඩංගුවට ගැනීම මේ තරම් පමා වූයේ දේශපාලන බලපෑම් නිසා බව තඹුත්තේගම පොලීසියේ ප්‍රකාශකයෙක් පැවැසීය.