ඉන්දිකා රාමනායක
අධිකරණ නියෝග නොතකා හම්බන්තොට උද්ඝෝෂණ පැවැත්වීමට මුලිකත්වය ගෙන කටයුතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර, දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල සහ මේජර් අජිත් ප්‍රසන්න යන මහත්වරුන් හෙට (10) හම්බන්තොට මුලස්ථාන පොලිසියට කැඳවා ඇත.

