ඉතාලියේ මොන්සා නගරයේ බැංකුවක ඒටීඑම් යන්ත්‍රයකින් මුදල් ලබාගත් පනස්හැවිරිදි ලාංකික කාන්තාවක ළඟට පැමිණි හොඳින් ඇඳගත් ආචාරශීලීව කතා කළ තරුණයන් දෙදෙනෙකු කීවේ තමන් සුපර්එනලොත්තෝ නම්වූ සුදුවකින් වීශාල මුදලක් ජයගෙන ඇති බවයි. එම මුදල ලබාගැනිමට ඔට්ටු අල්ලන ස්ථානයක් සොයාදෙනමෙන් ඉල්ලා ඇත.එසේම කරණ උදව්වට යම් මුදලක් දෙන්නට පොරොන්දු වී ඇත.
පසුව කාන්තාව අමුත්තන් දෙදෙනාව ඔට්ටු අල්ලන ස්ථානයට කැඳවාගෙන ගොස් පෙන්නා, තමන්ගේ වැඩට යාමට සැරසෙනවිට ඇයගේ මුදල් සහිත බැගය උදුරාගෙන සොරු දෙදෙනා පලාගොස් ඇත.

