(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බිරිඳට එල්ල කළ උදලුමිට පහරින් දරුවා මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකාර පියා සැප්තැම්බර් 5 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (22) නියෝග කළේය.
බලන්ගොඩ මස්සැන්න උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි නීල් ජයරත්න 39 හැවිරිදි පියෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සැකකාර පියා ඉකුත් (9) වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව අද (22) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

