
(ඉන්දිකා රාමනයක සහ ළහිරු හර්ෂණ)
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු උදයදේවි දුම්රිය පොල්ගහවෙල සහ වලකුඹුර අතර ප්‍රධාන දුම්රිය මාර්ගයේ දී ඊයේ (10) පිහිලි පැනීම හේතුවෙන් හානියට ලක්වූ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම යුද හමුදාව මගින් ආරම්භ කර ඇත.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත 58 වන සේනාංකයේ 583 බලසේනාවේ 1 වන සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් දුම්රිය මාර්ගය යථාතත්වය පත් කිරීමේ කටයුතු වල නිරත වෙමින් සිටින අයුරු ඡායාරූපයෙන් දැක්වේ.





