(අජන්ත කුමාර අගලකඩ)
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී ඊයේ රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත .
උදය ගම්මන්පිල මහතා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දීර්ඝ වශයෙන් එහිදී කරුණු පැහැදිලි කර ඇත
පාර්ලිමේන්තුවේ අදත් හෙටත් රැඳී සිටින ලෙසත්, විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන ලෙසත් ,ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කර ඇත .
මේ අතර, රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කර ඇත .

