තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
අධිකරණයෙන් වරෙන්තුවක් ගැනීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමාගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි සඳහන් කරමින් උදයංග වීරතුංග මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වැඩිදුර විභාගය ලබන මැයි 19 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළේය.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ කැඳවිණි.
වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කරන ලෙසත් රුපියල් කෝටි 10 ක වන්දි මුදලක් ලබා දෙන ලෙසත් ඉල්ලා උදයංග වීරතුංග මහතා වෙනුවෙන් ඔහුගේ නැන්දනිය වන මාන්නප්පෙරුමගේ ලතා ඉන්ද්‍රානි මහත්මිය මෙම පෙත්සම ගොනු කර තිබේ.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.ඇල්.රත්නපාල මහතා ඇතුළු අට දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
උදයංග වීරතුංගේ පෙත්සම කල් යයි
Recommended Articles