උදයංග වීරතුංග ලංකාවට රැගෙන එන බව පොලිස්පති කියයි



සුජිත් හේවාජුලිගේ 
 
ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පැවසීය.

මේ සඳහා විශේෂිත වැඩපිළිවෙළක් අද  (28) සිට ක්‍රියාත්මක කළ බවද පොලිස්පතිවරයා කීවේය.

මේ අතර විශේෂ කාර්ය බළකාය  සම්බන්ධ කරගෙන රටපුරා පතාල කණ්ඩායම් වැටලීම් ක්‍රියාදාමයක් අරඹා ඇතැයි කී පොලිස්පතිවරයා පාතාලකරුවන් හඳුනා ගැනීමට ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.