රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන් තොටුපොළේ රඳවාගෙන සිටින බව ආරංචි මාර්ග කියයි.
ඇමරිකාවට යාම සඳහා තවත් ගුවන් යානයක නැගීමට යාමේදී උදයංග වීරතුංග මහතා ගුවන් තොටුපොළ නිලධාරීන් විසින් රඳවාගනු ලැබ මේ වන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවද දැනගන්නට තිබේ.

