උදයංග වීරතුංග අත්අඩංගුවට ගත්තේ ඩුබායි පොලිසියෙන් - ඇමැති රාජිත


සුජිත් හේවාජුලිගේ
 
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත්තේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ මගින් නොව ඩුබායි පොලිසියෙන් බවත්, ඔහු අත්අඩංගුවට ගත් සැණින් මෙරරට බාර නොදෙන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

 
ඔහු මෙරටට රැගෙන ඒමට අනුමැතිය ලැබී ඇතැයි ද සේනාරත්න මහතා කීවේය.
 
ඇමැතිවරයා මේ බව පැවසුවේ නාරාහේන්පිට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේදී අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.
 
රාජිත සේනාරත්න මහතා මෙසේද කීය.
 
‘‘උදයංග වීරතුංග මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වැටලීම කළේ ඒ රටේ පොලිසියයි. රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම දැන් ක්‍රියාත්මකයි. උදයංග වීරතුංග හැංගුන නමුත් අර්ජුන් මහේන්ද්‍රන් හැංගුණේ නැහැ. අර්ජුන්ට විරුද්ධව මූලික වරෙන්තුවක් තිබුණෙත් නැහැ. උදයංග ඇතුළු පිරිස තමන්ගේ ඥාතියා බලයට එනකම් දැන් බලාගෙන ඉන්නවා.‘‘