උදයංග ගේන්න ඩුබායි අධිකරණයට කරුණු කියන්න සැරසෙයි


(ඉන්දිකා රාමනායක)
 
මිග් යානා ගනුදෙනු නඩුවට අදාළව අධිකරණය මගහැරීම නිසා ජාත්‍යන්තර වරෙන්තු ලැබ සිටින එම නඩුවේ සැකකරුවකු වන රුසියාවේ හිටපු ශි‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් ඩුබායි    අධිකරණයට කරුණු වාර්තා කර එම අධිකරණ නියෝග මත ඉදිරියේ ඔහු මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග කියයි.

රාජතාන්ති‍්‍රක ප‍්‍රශ්න සහ සැකකරුවන් හුවමාරු කර ගැනීමේ  උදර්පන නීතිය මුල්කරගෙන පැන නැගුණ ගැටළු කිහිිපයක් හේතුවෙන්  උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒමට නොහැකි වු බවද  එම උසස් පොලිස් නිලධාරියා  කීය.

මේ හේතුව නිසා උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒමට ඩුබායි බලාගිය 7 දෙනෙකුගේ සමන්විත විශේෂිත නිලධාරීන්  කණ්ඩායමට  උදයංග නොමැතිව ආපසු හිස් අතින් මෙරටට පැමිණීමට සිදු වු බවද එම නිලධාරියා පැවසීය.

මොහු ඇමරිකාව බලා යමට සුදානම්ව  සිය බිරිද සමග  ඩුබායි ගුවන්තොට පර්යන්තයට  පැමිණ සිටිය දි එරට ආගමන විගමන නිලධාරීන් විසින්  ඉකුත් 04 වැනිදා අත්අඩංගුවට ගනු ලැබ තිබුණි.