උදය ගම්මන්පිලට ඕස්ට්‍රේලියා යන්න අවසර


(මනෝප්‍රිය ගුණසේකර )


අසනීප වී සිටින සිය දරුවා බැලීම සඳහා විදෙස්ගත වීමට  අවසර දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මහාධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලු කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි ප්‍රභාත් මහතා ගම්මන්පිල මහතාට අද (08) සිට මාසයක කාලයක් ඇතුළත ඔස්ට්‍රේලියාවට ගොස් දරුවාගේ  සුව දුක් බලා ඒමට  අවසර ලබා දුන්නේය.  
 
උදයගම්මන්පිල මහතාට එරෙහිව ඔස්ට්‍රේලියා ජාතිකයකුගෙන් රුපියල් මිලියන විස්සක් වංචා කළ බවට වු නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී උදයගම්මන්පිල මහතාගේ දරුවකු අනතුරකට ලක්ව ඕස්ට්‍රේලියාවේ රෝහලක ප්‍රතිකාර ලබන බැවින් දරුවා බැලීමට යාම සඳහා අවසර ලබා දෙන්නැයි  ගම්මන්පිල මහතාගේ නීතීඥවරයා අධිකරණය හමුවේ කළ ඉල්ලීම සලකා බලමින් විනිසුරුවරයා  මෙම නියෝගය නිකුත් කළේය.