උදය - උමායා මේසපන්දු දක්‍ෂතම සම්මාන දිනති


ශ්‍රී ලංකා මේස පන්දු සංගමය මෙහෙය වු ‘ක‍්‍රිෂ් ගුණරත්න අනුස්මරණ කුසලාන’ සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේස පන්දු තරගාවලියේ (2012* දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස උදය රණසිංහ ද, දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස උමායා තාරුකී ද සම්මාන ලැබුහ. තරගාවලිය ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පසුගියදා (29* නිමාවිය. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ 18 න් පහළ සහ 15 න් පහළ (බාලක* වයස් කාණ්ඩ දෙකේ ශූරතා දිනා ගත්තේය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ උමායා තාරුකී කාන්තා කේවළ ඉසව්වේ අනුශූරතාව ද, 18 න් පහළ බාලිකා ඉසව්වේ ශූරතාව ද දිනා ගත්තාය. ජාතික මේස පන්දු ශූර රොහාන් සිරිසේන සහ ශූරී ඉෂාරා මධුරංගි විවෘත පිරිමි හා කාන්තා ඉසව් ජයගැනීමට සමත්වුහ. තරගාවලියට කොකා කෝලා අනුග‍්‍රහය දැක්වීය. අවසන් තරග ප‍්‍රතිඵල: පිරිමි කේවළ ඉසව්ව රොහාන් සිරිසේන (ගුවන් හමුදාව) විසින් නිර්මල ජයසිංහ (මාස් ඉන්ටිමේට්ස්) පරාජය කරන ලදී. (11/8, 12/10, 5/11, 6/11, 5/11, 11/9, 12/10) කාන්තා කේවළ ඉසව්ව ඉෂාරා මධුරංගි (ගුවන් හමුදාව) විසින් උමායා තාරුකී (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (11/6, 11/9, 5/11, 11/9, 11/6) ප‍්‍රවීණයන්ගේ ඉසව්ව ගාමිණී මොරායස් විසින් එම්.මර්සූක් පරාජය කරන ලදී. (11/8, 11/5, 11/3) මාස්ටර් ඉසව්ව ජගත් රාජපක්‍ෂ විසින් වජිර වික‍්‍රමසිංහ (12/10, 8/11, 11/9, 12/14, 11/6) 18 න් පහළ (බාලක) උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ* විසින් තිළිණ විජේසිරි (මහනුවර විද්‍යාර්ථ) පරාජය කරන ලදී. (11/6, 11/5, 11/8) 18 න් පහළ (බාලිකා) උමායා තාරුකී (අම්බලන්ගොඩ ධර්මාශෝක* විසින් රුවනි කන්නන්ගර (මියුසියස්) පරාජය කරන ලදී. (12/10, 6/11, 13/11, 13/11) 15 න් පහළ (බාලක) උදය රණසිංහ (මහනුවර විද්‍යාර්ථ* විසින් නුවන්ත නිරෝෂණ (අම්බලන්ගොඩ ධර්මාශෝක) පරාජය කරන ලදී. (11/7, 8/11, 11/5, 11/8) 15 න් පහළ (බාලිකා) රුවනි කන්නන්ගර (මියුසියස්* විසින් මුතුමාලී ප‍්‍රියදර්ශණී (අම්බලන්ගොඩ දේවානන්ද) පරාජය කරන ලදී. (11/8, 11/6, 10/12, 11/4) 12 න් පහළ (බාලක) ඉසුරු අංජන (අම්බලන්ගොඩ ධර්මාශෝක) විසින් විරුනක හෙන්දහේව (කොළඹ රාජකීය) පරාජය කරන ලදී. (7/11, 11/9, 5/11, 13/11, 11/8) 12 න් පහළ (බාලිකා) හංසනී පියුමාලී (නුගේගොඩ අනුලා)විසින් තනුෂි රොද්‍රිගෝ (මහනුවර මහමායා) පරාජය කරන ලදී. (11/6, 11/6, 11/7* 10 න් පහළ (බාලක) දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම්) විසින් ඉසුරු හංස මෙත්මල් (කෑගල්ල විද්‍යාලය) පරාජය කරන ලදී. (11/4, 11/6, 11/4) 10 න් පහළ (බාලිකා) දිල්මි කොළඹගේ (අම්බලන්ගොඩ ප‍්‍රජාපතී බාලිකා) විසින් අයි. එස්. ප‍්‍රියසාදී (කෑගල්ල සසෙක්ස්)පරාජය කරන ලදී. (6/11, 6/11, 11/7, 11/5, 11/9)  ශූරතා දිනාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ.......