(සිතුම් චතුරංග)
උතුරු පළාතේ සේවය කරන වෛද්‍යවරුන්ගේ හිඟ වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා උතුරේ රෝහල් රැසක වෛද්‍යවරු අද (14) උදෑසන සිට වැඩවර්ජනයක නිරත වූහ.
2015 චක‍්‍රලේඛන අනුව වැඩිවිය යුතු විශේෂ දීමනා, අතීකාල දීමනා හා හිඟවැටුප් මෙතෙක් ලබාදීමට කටයුතු නොකර ඇති බවට පවසමින් වෛද්‍යවරුන් වැඩවර්ජනයේ නිරතවිණි.
වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් උතුරු පළාතේ වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් හා යාපනය යන දිස්ත‍්‍රික්කයන් හි රෝහල් රැසක දෛනික කටයුතු අඩාල වී තිබේ.
වැඩවර්ජනයෙන් රෝහල් වෙත සායනික කටයුතු හා ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගීන් දැඩි පීඩාවටපත්ව සිටි අතර හදිසි ප‍්‍රතිකාර පමණක් සිදුකිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇත.
වෛද්‍යවරුන් පැවසුවේ වෙනත් පළාත්වල සිටින වෛද්‍යවරුන් වෙත හිඟ වැටුප්, අතීකාල දීමනා හා විශේෂ දීමනා සියල්ල ලබාදී ඇති බවත් උතුරේ වෛද්‍යවරුන් වෙත ලබාදීම මාස ගණනක් ප‍්‍රමාද කර ඇති බවත්ය.