යාපනය ,කිලිනොච්චි ,සහ මුලතිව් යන දිස්තික්ක තුනේ මුඩු බිම් අක්කර 500ක පමණ මේ වනවිට සාර්ථකව වගා කර ඇතැයි සිවිල් ආරක්ෂක බලකාය කියයි. කොටි සංවිධානයේ සිටි තරුණ තරුණියන් පුනරුත්ථාපනය කර ඔවුන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගෙන මෙම ගොවිපළ ඇතිකර වගාව ආරම්භ කර ඇත .
යාපනය. කිලිනොච්චි ,මුලතිව් ඒකාබද්ධ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව්. රත්නප්‍රියබන්දු මහතා මෙම පිරිස පුනරුත්තාපනය කර සමාජ ගතකිරීමේ මුලිකයා විය.
මෙසේ සිවිල් ආරක්ෂක බලකායට බඳවාගෙන සිටින පිරිසට මසකට රු 30000ක වැටුපක් ,ලබාදී ස්ථිර සේවයේ යොදවා ඇති බවත් කොටි සංවිධානයෙන් මෙසේ මුදල් නොලැබුණු බවත් ඔවුහු කීහ.
නැවත මේ රටේ යුද්දයක් ඇති නොවිය යුතු බවත් අද තමන් දරුවන් දෙමාපියන් සමග සතුටින් ජිවත් වන බවත් ඔවුහු පවසති.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු ඉදිරියටත් සිදුකරගෙන යයි.







