උතුරේ තවත් ඉඩම් මුදා හරියි


උතුරේ අක්කර 19,159 ක් මුල් පදිංචිකරුවන්ට බෙදා දී ඇතැයි යාපනය ආරක්ෂක සේනා ආඥාපති නන්දන උඩවත්ත මහතා කියයි.

පලාලිවල අක්කර 11629න් අක්කර 6258ක් මුදා හැර ඇති බවත් ඒවායේ මුල් පදිංචිකරුවන් විදෙස් ගතව ඇති බැවින් පදිංචියට පැමිණ නැති බවත් උඩවත්ත මහතා පැවසීය.

මෙසේ ඉඩම් මුදා හැරීමෙන් උතුරේ ආරක්ෂක කටයුතුවලට කිසිදු බාධාවක් නැති බවත් ඒ මහතා කීවේය.