උතුරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක්




                        
(රොමේෂ් මධුෂංඛ)
 
උතුරු පළාතේ ක‍්‍රීඩාව වැඩි දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක අවශ්‍යතාවය වෙනුවෙන් ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා සහ කණ්ඩායමක් යාපනයේ මන්ඩතිවු ප‍්‍රදේශයේ සංචාරයක නිරත විය.

කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මණ්ඩතිව් ප්‍රදේශයේ අක්කර 50කින් යුත් ප‍්‍රදේශයක අංග සම්පූර්ණ ක්‍රිකට් ක‍්‍රිඩාපිටියක් සහ ජාතික ක‍්‍රිඩා ඉසව්  පැවැත්වීමට සුදුසු ක‍්‍රීඩාංගනයක් ද එහිදී සකස් කිරීමට පියවර ගෙන ඇත.

එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු පිරිසක් සංචාරයක් නිරත වූහ.

තවද උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක 5ම නියෝජනය වන පරිදි ක‍්‍රීඩකයන් තෝරා ක‍්‍රිකට් සංචිතයක් සකස් කිරීමටත්, ජාත්‍යාන්තර තරග වලදී ඔවුන්ට ද අවස්ථාව ලබා දීමටත් මෙහි අරමුණ වී ඇත.

මෙහි ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ප‍්‍රවීණ ගෘහ නිර්මාණ ශිලපී සුරත් වික‍්‍රමසිංහගේ ශිල්පීය දැනුම ලබා මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු  මන්ත‍්‍රී අංගජන්රාමනාදන් මහතා සහ ජාතික ක‍්‍රිකට් මණ්ඩලයේ නිලධාරීන් එක්ව සිටියහ.