උතුරේ ජනතාවගේ ජල - විදුලි බිල්පත් මාස 6 කට අය නොකරන්නැයි ඉල්ලීමක්


( ඔගස්ටින් ප්‍රනාන්දු)           

ඇදිරි නීතිය පැනවි ඇති නිසා මේ වන විට ආර්ථික වශයෙන්  දැඩි ලෙසින් පීඩනයට පත්වි ඇති උතුරු කරයේ ජනතාවගේ ජල හා විදුලි බිල්පත්  මාස හයක කාලයක් සදහා අය කර නොගන්නා මෙන් මන්නාරම ප්‍රාදේශීය සභවේ සභාපති එස්.එච්.එම්.මුජාහීර් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   මහතා  වෙතින් ඉල්ලීමක් කර ඇත.
 
කොරෝනා වයිරස් රෝගයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම පිණිස රජය විසින්  මේ වන විට උතුරු කරය සදහා අඛණ්ඩව ඇදිරි නීතිය පනවා ඇති බැවින් එහි ජීවත් වන ජනතාව විශේෂයෙන්ම අඩු ආදායම්ලාභි පවුල් දැඩි ලෙසින් ආර්ථික පීඩනයකට මුහුණ දෙන බැවින් ඔවුන්ගේ ඔවුන් ජීවත්විම පිණිස විශාල අරගලයක නිරතව සිටින බවත් මේ නිසා ඔවුන් කෙරෙහි අවධානය යොමු කරණ ලෙසත් ප්‍රාදේශීය සභවේ සබාපතිවරයා පෙන්වා දෙයි.
 
මේ නිසා මෙම වසරේ මාර්තු මාසයේ සිට ඉදිරි මාස හයක කාලයක් සදහා උතුරේ ජනතාවට ලබා දෙන ජලය හා විදුලිය සදහා මුදල් අය කර නොගන්නා ලෙසත් මුජාහීර් මහතා ඉල්ලා ඇත.