දකුණෙන් ගොස් වව්නියාවේ පම්පමඩුවේ ව්‍යාපාරිකයකුගේ නිවසක් කොල්ල කෑ පිරිසක් සැකපිට අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලිස් නොවිසඳුනු අපරාධ විමර්ශන ඒකකය පවසයි. සැකකරුවන් අතර වව්නියාවේ පදිංචිකරුවන් තිදෙනකු ද ගාල්ල හා දික්වැල්ලේ පදිංචිකරුවන් තිදෙනකු ද සිටින බව පොලිසිය කියයි. සැකකරුවන් සඳුදා වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

