කිලිනොච්චිය හා යාපනයේ අපනයන කෘෂි බෝග ප්‍රවර්ධනය පිළිබඳ ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.
ප්‍රදේශයේ වගා කළ හැකි ඉඩම් හඳුනාගෙන වගා කිරීම සඳහා ප්‍රදේශවාසීන් උනන්දු කිරීම, වගා කරන බෝග වලට ඉහළ මිලක් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය වෙළඳපොළ නිර්මාණය කිරීම හා එම නිෂ්පාදනයන් වෙනුවෙන් අගය එකතු කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ දයා ගමගේ මහතා කියා සිටියේ පුද්ගලික අංශයට වැඩි අනුග්‍රහයක් ලබා දෙමින් හා උනන්දුවක් ඇති කරමින් නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අවශ්‍ය සහාය රජයක් ලෙස ලබා දීමට කටයුතු කළ යුතු බවයි. ඒ අනුව රජයට සමගාමීව පුද්ගලික අංශයේ ද රැකියා උත්පාදනය වීම ආරම්භ වන බවත් ඒ හරහා රැකියා දස ලක්ෂයක් ඇති කිරීමේ අරමුණ දිනා ගත හැකි බව ද ඔහු සිහිපත් කළේය.



