තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
ඉකුත් වසරේ උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා එම තනතුරින් ඉවත් කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ඇත්නම් ඒවා ලබන අගෝස්තු 08 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන්නැයි අභියාචනාධිකරණය උතුරු පළාත් මහ ඇමතිවරයා ඇතුළු වගඋත්තකාර පාර්ශ්වයට අද (23) නියෝග කළේය.
තමන්ව අමාත්‍ය ධූරයෙන් නෙරපීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා ගොනු කළ රිට් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී. ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු නියෝගය ලබන අගෝස්තු 09 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය.