පුනරුත්ථාපනය වී සමාජ ගත කළ කොටි සාමාජිකයකු කිලිනොච්චි නගරයේ දී කොල්ල කල්ලියකට නායකත්වය දී ඇතැයි කිලිනොච්චි පොලිසිය කියයි.
ඔහු ද සමඟ එම කණ්ඩායමේ හය දෙනෙක් ත්‍රිරෝද රියක් හා යතුරු පැදි තුනක් සමඟ අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ඔවුන් වෙස්මූණු පැළැඳ කිලිනොච්චියේ කඩසාප්පු ද, නිවෙස් ද කොල්ලකා ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.


