උතුරෙන් දකුණට කුඩු අදින පාරක් අහුවෙයි


යාපනයේ සිට කොළඹට ධාවනයවූ බසයක පැමිණි පුද්ගලයකු ලක්ෂ 50කට වඩා වටිනා හෙරොයින් කුඩු සමග පුත්තලම පාලවියේදී සැකපිට අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසියේ විස නාශක මර්දන අංශය කියයි.

කුඩු ග්රෑම් 700කට ආසන්න ප්‍රමාණයක් ප්ලාස්ටික් බෝතලයක අසුරා තිබූ බවද එම පුද්ගලයාට කොළඹ 13 ගෙවල් දෙකක් ඇති බවද පොලිසිය පවසයි.