උතුරෙන් ඇවිත් දකුණේ දත් ගලවලා


ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොරව කොහුවල පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරියක ලෙස පෙනී සිටි වෛද්‍යවරියක බව කියන මානිපායි මුහමලේ සිවපාදන් මුරුගානදී (ආනන්දි රාධක්‍රිෂ්ණන්) රුපියල් 25,000ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේසිංහ මහතා අද නියෝග කළේය.

ඇය රත්නපුර වෛද්‍යවරයකුගේ ලියාපදිංචි අංකය යටතේ ආනන්දි රාධක්‍රිෂ්ණන් යන ව්‍යාජ නමින් පෙනී සිට ඇති බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

ඇගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කළ උසාවිය වෛද්‍ය වෘත්තියේ යෙදුණ හොත් ඇප අවලංගු කර රිමාන්ඩ් කරන බවද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

doctor-(6) doctor-(11)