උතුරේ අධික පෑවිල්ල නිසා යාපනය,මුලතිව් සහ කිලිනෝච්චියයේ සිට වව්නියාවේ එළවළු නොලැබීම නිසා වව්නියාවේ එළවළු මිල ඉහළ ගොස් ඇත.මිල වැඩි වීම නිසා වව්නියාවට දඹුල්ලේ එළවළු ද නොලැබේ.ගිය වසරේ වව්නියාවේ කිසිම එලවළුවක් රුපියල් සියය ඉක්මවා අලෙවි නොවීය.
වව්නියාවේ කිලෝවක අද මිල තොග සිල්ලර
මාළුමිරිස් රුපියල් 200 220
වම්බටු රුපියල් 80 100
බණ්ඩක්කා රුපියල් 80 100
ගෝවා රුපියල් 160 170
අමුමිරිස් රුපියල් 340 360
කැරට් රුපියල් 180 200
බෝංචි රුපියල් 150 160
මෑකරල් රුපියල් 140 150
වට්ටක්කා රුපියල් 170 180
තක්කාලි රුපියල් 180 200
බීට්රූට් රුපියල් 150 160
මුරුංගා රුපියල් 210 220

