උතුරුමැද මහ ඇමැති උසාවි කැඳවයි


2010 මහ මැතිවරණ සමයේ කැකිරාවේ දී නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණ නිලධරයකු ඇතුළු පිරිසකට අවි හා පොලුවලින් පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලබන ජූනි 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කැකිරාව මහේස්ත්‍රාත් ලද්දු දර්ශන ද සිල්වා මහතා උතුරුමැද මහ ඇමැති එස් එම් රංජිත් සමරකෝන් මහතාට නියෝග කළේය.

ඔහු ඇතුළු පස් දෙනකුට එරෙහිව මේ නඩුව පවරා ඇත.