(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට ගෙන එන ලද විශ්වාශ භංග යෝජනාව පළාත් ආණ්ඩුකාරවරයා විසින් අද (15) දින පස්වරුවේදි ප‍්‍රතික්ෂේප කරනු ලැබිණි.
උතුරු මැද පළාත් සභාවේ එකාබද්ධ විපක්ෂයට අයත් පළාත් සභා මන්ත‍්‍රිවරු 17 දෙනෙකු තනි තනිව දිවුරුම් ප‍්‍රකාශ ආණුඩුකාරවරයාට ඉදිරිපත් කොට තිබුණි.
එමගින් ඔවුන් ඉල්ලා සිටියේ ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා සම්බන්ධයෙන් තිබු විශ්වාශය පළුදුවි ඇති හෙයින් එම ධුරය හිටපු මහ ඇමති රංජිත් සමරකෝන් මහතාට ලබා දෙන ලෙසයි.
එහෙත් ඉහළින් පැමිණි නියෝගයක් මත එම ඉල්ලිම් සහිත දිවුරුම් ප‍්‍රකාශ තමන්ට භාර ගැනිමට නොහැකි බව පළාත් ආණ්ඩුකාරවරයා පැවසු බව පළාත් සභා මන්ත‍්‍රි රංජිත් සමරකෝන් මහතා පැවසිය.

