උතුරුමැද පාරෙන් කෝටි 350 ක් ගහලා
උතුරු මැද පළාත් සභාවේ මාර්ග සංවර්ධන අධිකාරියේ පෙර පාලනයේදී රුපියල් කෝටි 350 ඉක්මවන වංචා ගැන තොරතුරු ඇතැයිද. පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලිසිය කැඳවන්නැයිද උතුරු මැද මහා ඇමති එස්.එම්. රංජිත් මහතා කියයි.
පළාත් සභාවේ නාස්තිය හා දුෂණ නැති කරන බවත් දැනට නාස්තියෙන් සියයට අනුවක් නැති කළ බවත් උත්සව හා සුඛ විහාරණ වියදම් නතර කළ බවත් මධ්‍ය රජයේ මුදල් හොරපාරේ යනවානම් පක්ෂයේ අයකු වුවත් හිතවත්කම් කැඩෙන බවත් මහා ඇමති කීවේය.

