රොමේෂ් මධුෂංඛ
පළාත් සභා සඳහා පොලිස් බලතල ලබා දෙන්නේ නම් උතුරේ විවිධ කල්ලි හා අපරාධකරුවන් සුමාන දෙකක් ඇතුළතදී මර්දනය කළ හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා යාපනයේ දී කීවේය.
ප්‍රධාන අමාත්‍යවරයා එසේ කියා සිටියේ පළාතේ තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
එහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
‘ඔය කියන අපරාධ කල්ලි කවුරු විසින් පවත්වාගෙන යනවද කියල අපිට කියන්න බැහැ. නමුත් මෙහෙ වැඩිපුර මිනිස්සු හිතන්නේ යුද හමුදාව ඉදිරියටත් මේ ප්‍රදේශවල ඉන්න ඕන නම් මේ වගේ අපරාධ පෙන්නලා මෙහෙම අපරාධ වෙන නිසා යුද හමුදාව ඉන්න ඕන නිසා මේ දේවල් වෙනව කියලයි.
මේ නිසයි අපි පොලිස් බලතල ඉල්ලන්නේ මධ්‍යම රජයෙන් පොලිස් ස්ථාන ක්‍රියාත්මක වන නිසයි මේ ගැටලු පළාත් සභා වෙතට පොලිස් බලතල ලබා දෙන්නේ නම් උතුරු පළාතේ කුඩා ව්‍යවුහය තුළ පොලිස් බලතල නිසි ලෙස ක්‍රියාවට නංවා සුමාන දෙකෙන් මේ අපරාධ සහ විවිධ කල්ලි නවත්වන්න පුළුවන්.

