ඒ.එෆ්.පී
ලබන මස පැවත්වෙන ශීත ඍතු ඔලිම්පික් උලළේ දී එකම ධජයක් යටතේ ආචාර පෙළපාලියේ ගමන් කිරීමට උතුරු හා දකුණු කොරියාව එකඟ වී තිබේ.
එමෙන්ම ‘අයිස් හොකී’ කාන්තා තරග ඉසව්ව සඳහා දෙරටේම ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත එක් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ද දෙරට අතර එකඟතාව පළ වී තිබේ.
ඉකුත් 9 වැනිදා උතුරු හා දකුණු කොරියාව වෙන් කරන දේශසීමා යුද මුක්ත කලාපයේ පිහිටි පන්මුන්ජොම් ගම්මානයේ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දෙරටේ අතර එලෙස එකඟතා ඇති වී තිබේ. වසර දෙකකට පසු දෙරට අතර පැවැති සාකච්ඡා සාර්ථකව අවසන් විය.
ශීත ඍතු ඔලිම්පික් උලෙළට උතුරු කොරියාවෙන් කණ්ඩායමක් එවීමට සූදානම් බවට එරට තරුණ නායකයා ජනවාරි 1 වැනිදා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. එහිදි ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට අනතුරු ඇඟවුව ද දකුණු කොරියාව සමඟ සාම සාකච්ඡා පැවත්වීමට තමා සූදානම් බවට ඉඟි කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස වසර දෙකකට පසු ජනවාරි 9 වැනිදා දෙරට අතර සාකච්ඡා පැවත්විණි.
ශීත ඍතු ඔලිම්පික් උළෙල පෙබරවාරි 9 වැනිදා සිට 25 වැනිදා දක්වා දකුණු කොරියාවේ දී පැවත්වීමට නියමිතව තිබේ.
055

