ජනතාවගේ අවශ්‍යතා හා යෝජනා නොසළකා මධ්‍යම ආණ්ඩුව අත්තනෝමතිකව සිය සංවර්ධන සැලසුම් උතුරේ ක්‍රියාත්මක කරන බවත් එය පිළිගත නොහැකි බවත් උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන් මහතා යාපනයේ රැස්වීමක දී පැවසුවේය.
රටේ සෙසු පළාත් වලට සාපේක්ෂව උතුරු පළාත වෙනස් බව පවසන මහ ඇමැතිවරයා තම ජනතාවගේ ජීවනෝපාය වන කෘෂිකර්මාන්තය විනාශ කර ගැනීමට අකැමැති අතර උතුරු පළාතේ සංවර්ධන කටයුතු පළාතේ ජනතාවට අවශ්‍ය පරිදි සිදුකර ගත හැකි වතාවරණයක් නිර්මාණය කළ යුතු බව ඔහු කීවේය.
මඩකලපුව වැව් සොරොව්ව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව (07) විවෘත කැරිණි.
එමඟින් වැව අවට ජිවත්වන ගම්මාන 13 ක 7000 වැඩි ජනතාවට මෙතෙක් කලක් විශාල ගැටලුවක්ව තිබු කෘෂීකාර්මික හා පානීය ජල ප්‍රශ්නයට විසඳුම් ලැබුණු බව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් අපේක්ෂක ගාමිණි විතානගේ මහතා පැවසුවේය.

