උතුරු හසුන


කවර ආණ්ඩුවක් පත්වුවද ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි යන තීරණයේ වෙනසක් නොමැති බව දෙමළ ජාතික සන්ධානය යාපන මාධ්‍ය සංසදයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාව නිල නොවන බවත් එම වාර්තාව සම්පූර්ණයෙන්ම සත්‍ය හෝ අසත්‍ය වාර්තාවක් යැයි ප්‍රකාශ කළ නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරන් මහතා කීවේය.

චෝදනා වලට ලක්වන්නන් විසින්ම එම චෝදනා විමර්ශනය පිළිගත නොහැකි බවත් ඔහු පැවසීය.