වතු ජනතාවගේ උන්නතිය වෙනුවෙන් කිසිදු නිශ්චිත වැඩපිළිවෙළක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්‍රකාශනයේ නැති බව කම්කරු ජාතික සංගමයේ නායක පලනි දිගම්බරන් මහතා කියයි.
පසුගිය මැතිවරණයේදී මෙන්ම මෙවරද මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වනු ඇතැයිද වතුකරයේ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයේ ඇති ලයින් කාමරවල ජීවත්වන සෑම පවුලකටම පර්චස් 7ක ඉඩම් කැබැල්ලක් සමග නිවසක් ලබාදීමට පියවර ගන්නා බවට සඳහන්ව ඇති බවත් එම යෝජනා දිනා දීමට තමා කටයුතු කරන බවත් දිගම්බරන් මහතා කීවේය. ලංකාදීප එසැණ කළ විමසුමකදී එසේ පැවසූ ඒ මහතා සන්ධානය ජාතිවාදය පමණක් පතුරවමින් සිටින බවද පැවසීය.

