‘දෙමළ අරගලය දිනන්න බැරි පාටයි‘
රටේ දෙවැනි පුරවැසියන් ලෙස ජීවත්වීමට දෙමළ ජනතාව කිසිසේත් සූදානම් නැති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා යාපනයේ දේශපාලන රැස්වීමකදී ප්‍රකාශ කළේය.
‘අපගේ අරගලය අතීතය දක්වා දිව යනවා. එයට විසඳුමක් ලැබෙන බව අපි සිතන්නෙමු. එම විසඳුම සාර්ථක වන්නේ අප ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වුවහොත් පමණි. එහෙත් වර්තමානයේ මේ අරගලය දිනා ගැනීමේ හැකියාවක් නැත. ඉතා ඉවසීමෙන් හා අවබෝධයෙන් මේ කාලයේ අපට කටයුතු කිරීමට සිදුව ඇත. පසුගිය වසර 10 පුරා මහින්ද රාජපක්ෂ මහතාගේ මර්දනකාරී පාලනයක් පැවතුණා. මෙරට ජාතික ගැටළුවට විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් ඔහු අල්ප මාත්‍රයක අවධානයක් යොමු කළේ නැත. ඔහුගේ එකම අරමුණ වී තිබුණේ දෙමළ ජනතාව මර්දනය කිරීමත් රටින් පළවා හැරීමත් පමණයි. එහි ප්‍රතිඵලය ලක්ෂ 4කට වැඩි දෙමළ ජනතාවක් රටින් පිටව යාමයි‘
‘ටී.එන්.ඒ විසඳුම කාල බෝම්බයක්‘
මෙරට ජාතික ගැටළුව විසඳීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් විසඳුම් කාල බෝම්බයක් බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා පවසයි.
උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ෆෙඩරල් ක්‍රමය යටතේ උපරිම විසඳුම් ලෙස බලය බෙදීමක් ජාතික ගැටළුවට විසඳුම් ලෙස අවශ්‍ය බව පසුගියදා එළිදැක්වුණු දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය පිළිබඳ එසැණ කළ විමසීමකදී සංගරී මහතා කීවේය.
දෙමළ සන්ධානයේ මෙම ප්‍රකාශයෙන් ජනතාව අතර ඇති සමගියට බලපෑම් සිදුව ඇති බවද ඔහු පැවසීය.

