ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පමණක් පැවැත්විය යුතු බවට යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් සැප්තැම්බර් 01 දා සම්මත කරගෙන තිබේ.
මහ ඇමැති සී.වී.විග්නේස්වරන් විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාව සම්මත වීමෙන් පසුව එය විශේෂ ලියවිල්ලක් වශයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත යැවීමට කටයුතු යොදන බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් පැවසීය.
මෙම යෝජනාව ඒකමතිකව සම්මත වූ බවත් ඊට විපක්ෂයේ පිරිස් විරුද්ධ නොවූ බවත් ශිවඥාණම් කියාසිටි නමුත් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට විපක්ෂය විරුද්ධ වූ බවත් උතුරු පළාත් සභාවේ එක්සත් ජනතා සන්ධානයේ මන්ත්‍රී වන්නිහාමිගේ ජයතිලක මහතා කියා සිටියේය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකුම වරින්වර සභාවෙන් නැගිට මෙම යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළේ රජය විසින් යුද අපරාධ සම්බන්ධයෙන් සිදුකිරීමට නියමිත අභ්‍යන්තර පරීක්ෂණය ප්‍රමාණවත් වන බවට ඇමරිකාව පවා තීන්දු කොට තිබියදී උතුරු පළාත් සභාව පමණක් ඊට විරුද්ධවීම නිශ්ඵල ක්‍රියාවක් බව පවසමින් යැයිද ජයතිලක මන්ත්‍රීවරයා සදහන් කළේය.
කෙසේ වෙතත් සභාපති සී.වී.කේ.ශිවඥානම් තවදුරටත් පැවසුවේ රටේ අධිකරණය මෙන්ම පත්කරන කොමිසමෙන් සාධාරණයක් ඉෂ්ට නොවන නිසා අභ්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවයි.

