(රොමේෂ් මධුෂංඛ)
යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වී ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 16 දෙනෙකු හා ඔවුන්ට අයත් ට්‍රොලර් යාත්‍රා 4 ක් අද (16) අළුයම නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇත.
උතුරු නාවික විධාන මූලස්ථානයට අයත් යාත්‍රාවකට ඩෙල්ෆ් මුහුදු තීරයේදී අදාල ඉන්දීය ධීවර යාත්‍රා නිරීක්ෂණය වීමෙන් අනතුරුව එම ධීවර යාත්‍රා 4ක සිටි ඉන්දීය ධීවරයන් 16 දෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

