(රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ සිට අනවසරයෙන් උතුරු මුහුදු දෙසට යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී එහි සිටි අනවසර සංක්‍රමණිකයින් 05 දෙනෙකු ඇතුළු 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (03) මෙම ඩිංගි යාත්‍රාව ඇතුලු සංක්‍රමණිකයින් පිරිස හමුවී ඇත.
කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 11 ක පමණ දුරකින් මෙම ඩිංගි යාත්‍රාව හමු වී ඇති අතර නිති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට පුද්ගලයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නාවික හමුදා භාරයට ගත් පස දෙනා අතර පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ එක් ළමයෙකු නාවික හමුදා භාරයට ගැනීමට පියවර ගෙන ඇත.
අනතුරුව මෙම පුද්ගලයින් කන්කසන්තුරෙයිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමෙන් පසු ප්‍රථමාධාර සහ වෛද්‍ය පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ ඩිංගි යාත්‍රාව කන්කසන්තුරෙයි පොලීසිය වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.