උතුරු මුහුදට ඇතුල් වූ ඉන්දීය ධීවරයින් 18 ක් අත්අඩංගුවට


( රොමේෂ් මධුෂංඛ)

මන්නාරම මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02 ක් සමගින් ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු සීමාවට ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී උතුරුමැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මුහුදු සීමාවේ සෝදිසි මුර සංචාරයක නිරත වූ අවස්ථාවේදී අදාල ඉන්දීය ධීවර යාත්‍රා නිරීක්ෂණය වී මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති.

ඉන්දීය ධීවරයින් සමග ධීවර යාත්‍රාව සමගින් ඔවුන් විසින් අල්ලා තිබූ මසුන් සමගින් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගෙන මන්නාරම තාල්පාඩු ධීවර ජැටිය වෙතට රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.